අහස් සිතියමෙන් දෛවයට ( මූලික ජ්‍යෝතිෂ පාඨමාලාව )
About Course
මෙම පාඨමාලාව ප්‍රධාන නිබන්ධන තුනක් මත ගොඩනගා තිබෙනවා.
නිබන්ධනය 01
‘අහස් සිතියමෙන් ජන්ම පත්‍රයට’
මෙහිදී, අපි අහස් සිතියමේ තරු රටා හඳුනාගෙන, එතැනින් රාශි බෙදීම, ලග්නය උදාකරගැනීම, ලිත භාවිතය, ග්‍රහ පිහිටීම්, නවාංශක ඇතුළු ශෝඩෂ වර්ග, දශා ආදිය ක්‍රමානුකූලව ඉගෙන ගන්නවා.
මෙම කොටස අවසානයේ, ඔබට මූලික ජන්ම පත්‍රයක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා.
නිබන්ධනය 02
‘ජන්ම පත්‍රයෙන් ග්‍රහ බලයට’
මෙහිදී, ග්‍රහ කාරක, රාශි කාරක, භාව කාරක, ග්‍රහ බලය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගන්නවා.
නිබන්ධනය 03
‘ග්‍රහ බලයෙන් දෛවයට’
මෙහි සිට අපි ක්‍රමානුකූල පලාපල විග්‍රහයට පිවිසෙනවා.
ලග්නය, නවාංශකය, රවි ලග්නය, චන්ද්‍ර ලග්නය, දශා, ගෝචර ආදිය පාදක කරගනිමින් ජීවිතයේ සිදුවීම් විග්‍රහ කරන්නේ කෙසේද යන්න ගුරුමුෂ්ඨි දහිතව මෙහිදී ඉගෙන ගන්නවා.”
දැනට අහසේ තාරකා ගැන පමනක් දන්නා ඔබ මෙම පාඨමාලාව අවසානයේ දී ඔබ අත ඇති ජන්ම පත්‍රයක් භාවිතයෙන් යමෙක් හඳුනා ගැනීම, ඔහුගේ අනාගතය නීර්ණය කිරීම, ඔහුට උපතින් උරුම හෝ උරුම කර ගන්නා ධනය, සහජ හැකියාවන්, ගේ දොර යාන වාහන වත්කම්, විවාහ දරු ප්‍රේම සබඳතා ආදිය පිළිබඳ තොරතුරු, අධ්‍යාපනික/ වෘතීය පැතිකඩ, ආධ්‍යාත්මික ගමන, සෞඛ්‍ය / සතුරු බාධා ආදී සුවිශේෂී කාරණා බොහෝමයක් හඳුනා ගැනීමට හැකි දැනමක් ලබා ගනීවි..
- නිබන්ධන තුනම පාඨමාලාව මිලදී ගත් දින සිට දින 5 ක් ඇතුලත ඔබේ නිවසටම කුරියර් කරන්වා. ( පාඨමාලා ගාස්තුවට අමතරව වෙනත් කිසිම අමතර මුදලක් මේ සදහා අය කරන්නේ නැත. )
- Video Lessons සදහා අවුරුද්දකට Access ලැබෙනවා.
- පාඨමාලාවේ මිල රු.19 900 ක් වන අතර මිලදී ගන්නා පලමු 100 දෙනාට පාඨමාලාව රු.14 900 කට මිලදී ගන්න පුලුවන්.
Course Content
අහස් සිතියමෙන් ජන්ම පත්‍රයට
-
Lesson 1 – පාඨමාලාව පිළිබද හැදින්වීම
46:00 -
Lesson 2 – බ්‍රහ්මජාල සූත්‍රයේ කතාව, ජ්‍යෝතිෂය සහ හෝරා ශාස්ත්‍රය
25:00 -
Lesson 3 – ලග්නය, අහසේ තාරකා, රාශි චක්‍රය හදුනා ගමු
32:00 -
Lesson 4 – වේලා කලාප සහ ජ්‍යෝතිෂ්‍ය, හෝරා ශාස්ත්‍රය අනුව රශි බෙදීම්
17:00 -
Lesson 5 – රාශි චක්‍රයේ සංකේතමය ස්වභාවය පිළිබද සහ රාශි ගුණ පිළිබද විග්‍රහය
20:00 -
Lesson 6 – රශි ගුණ පිළිබද පැහැදිලි කිරීම සමග ලග්නයක් උදාකර ගැනීමේ ක්‍රමය
50:00 -
Lesson 7 -ලග්නය උදාකර ගැනීම සම්බන්ධ දෙවන උදාහරණය සහ ලග්න ස්ඵුඨය පිළිබද හැදින් වීම.
27:00 -
Lesson 8 – නවාංශකය, නැකත සහ නැකත් පාදය සම්බන්ධ විග්‍රහය
30:00 -
Lesson 9 – වර්ග කේන්ද්‍රය, ෂඩ් වර්ගය සහ එහි ගණිතමය ආකෘතිය හදුන්වා දීම
50:00 -
Lesson 10 – රවි ග්‍රහස්ඵුඨ සෙවීම සහ නැකත් පාදය, අධිපති හදුනා ගැනීම.
39:00 -
Lesson 11 – සදු, කුජ ආදී සියලු ග්‍රහස්ඵුඨ ගණනය කිරීම
37:00 -
Lesson 12 – ලග්න සහ නවාංශක සටහන් වෙත ග්‍රහයින් පිහිටුවීම
44:00 -
Lesson 13 – විම්ශෝත්තරී දශා ක්‍රමය, සියලු දැනුම එක්කොට සම්පූර්ණ ජන්ම පත්‍රයක් සැකසීම
01:15:00